ප‍්‍රජා සහයෝගිතා සන්සදයේ පොන්නිලව ගොවි කාන්තා කණ්ඩයමේ කණ්ඩායම් හමුව

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පොල්පිතිගම ගම්මානයේ ප‍්‍රජා සහයෝගිතා සන්සදයේ පොන්නිලව ගොවි කාන්තා කණ්ඩයමේ කණ්ඩායම් හමුව 2020 නොවැම්බර් මස 11 වන දින පැවැත්විණි. මෙම කණ්ඩායම් රැස්වීමේදී කාන්තාවන්ගේ ඉඩම් අයිතිය පිළිබදව කාන්තාවන් දැනුවත් කළ අතර කාන්තා කණ්ඩායමේ අරමුදල් තර කර ගැනිම, කාන්තා ණය වැඩසටහන් සහ සාමාජිකයින් අතර ඉතිරි කිරීම් සම්බන්ධයෙන් ද සාකච්ඡා  කළහ.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සමාජ වෙනසක් සදහා වු තරුණ ව්‍යාපාරය විසින් ආරම්භ කළ කාබනික ගෙවතු වගා සංග‍්‍රාමය යටතේ පොල්පිතිගම ගම්මානයේ නිර්මාණය කළ කාබනික ගෙවතු වගා සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡුා කළහ. පැතිර යන කොරෝනා වෛරසය හමුවේ මනෝවිද්‍යාත්මක ක‍්‍රමවේද භාවිතයෙන් මානසික සුව සහනය ඇති කර ගෙන ජන දිවිය සුවපත් කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් ඉඩම් නිලධාරි හා මනෝවිද්‍යාත්මක උපදේශක සුරංග දයාවංශ මහතා කාන්තාවන් දැනුවත් කළහ. මෙම අවස්ථාව සදහා පොන්නිලව ගොවි කාන්තා කණ්ඩයමේ කණ්ඩායමේ කාන්තාවන් 12 දෙනෙකු සහභාගි වූ අතර කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පොල්පිතිගම සම්බන්ධීකාරක සම්පත් සන්ජිව මහතා ද එක් වූහ. 

Comments