යෝජිත මිරිදිය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මා එළිය මිරිදිය ධීවරයින් දැනුවත් කිරීම

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය මැදිහත්වීමෙන් කෙටුම්පත් කළ යෝජිත මිරිදිය ධීවර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ගම්මානයේ මාඑලිය ධීවරයින් දැනුවත් කිරීමේ වැඩසටහන 2021 ජනවාරි 13 වන දින මාඑලිය ධීවර තොටුපලේදී ධීවරයින් 25 සහභාගිත්වයෙන් සිදු කරන ලදී. දැනට කෙටුම්පත් තත්ත්වයේ පවතින මිරිදිය ධීවර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මිරිදිය ධීවරයින් දැනුවත් කිරීම හා ඔවුන්ගේ අදහස් ලබා ගෙන අඩුපාඩු සකස් කොට නව යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු විය. මෙම අවස්ථාව සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සම්බන්ධිකාරක සම්පත් සංජිව මහතා සහභාගි විය.

Comments